දින 10ට මාළු ටොන් 152ක් රට යවලා


යුරෝපා රටවලට ජූලි මස 01 වැනිදා සිට 10 වැනිදා දක්වා ගත වූ කාලයේදී මත්ස්‍ය ටොන් 152ක් ආනයන කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය අමාත්‍යාංශය සඳහන් කරයි. 

යුරෝපා සංගමය මත්ස්‍ය අපනයන සඳහා මෙරටට පනවා තිබූ තහනම ඉවත් කිරීමෙන් පසු ජූනි මස 22 වැනිදා සිට 29 වැනිදා දක්වා ගත වූ සතියේදී මත්ස්‍ය ටොන් 78ක් යුරෝපා සංගමයට අපනයනය කිරීමට හැකි වූ මත්ස්‍ය අපනයනකරුවෝ මීට පෙර ප්‍රකාශ කර තිබුණි.  

මෙරට මත්ස්‍ය සම්පතට ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් හා මිලක් පවතින නිසා මසුන් පමණක් නොව මත්ස්‍ය ආශ්‍රිත නිෂ්පාදන  සදහා යොමුවීමෙන්ද රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලබාගත හැකි බව ද  ධීවර ඇමැති අමරවීර මහතා පෙන්වා දී ඇත. 

ලබන වසරේ ජූලි මස වනවිට මත්ස්‍ය අපනයනවලින් රුපියල් මිලියන 20,000ක ආදායමක් ලැබීමේ අරමුණින් කටයුතු කරන බව ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි.