දින පහකට පසු අ’පුරට හිරු පායයි


පසුගිය දින පහක් පුරා පැවති  මහ වැස්සෙන් පසු අනුරාධපුරයට  අද (18) හිරු එළිය වැටිණි.

අනුරාධපුර පවුල් 1367 න්  4385 ක් විපතට  පත්වී  සිටින බව දිස්ත්‍රික් ආපදා  කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.

පවුල් 485 ක්  අවතැන්  කඳවුරු 17 ක ලැඟුම් ගෙන සිටින බව අනුරාධපුර  මහ දිසාපති ඩී.පී.ජි. කුමාරසිරි  මහතා  කියයි.

කුඩා වැව්  12 ක්  කැඩී ගොස්  ඇති බවත් තවත් වැව්  හතරක්  අවධානම් මට්ටමේ පවතින බව ඔහු කියයි.