දිමන්කගේ 'වරදක් කියන්නේ නැහැ'


2016-04-23-ent-88

දිමන්ක වෙල්ලාලගේ යනු තාරුණ්‍යයේ හදවත් තුළ රැඳුණු ගායකයෙක් ලෙස හඳුන්වන්න පුළුවන් ගායකයෙකි. නිදුකින් ඉනුමැන ගීතය ඔස්සේ සිය රසික හිත්වල ඉඩක් වෙන්කර ගත් ඔහු, ඔහුගේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව අප සමග මෙසේ පැවසීය.

"පසුගිය දවස්වල ඉතිං සංගීත ප්‍රසංග වැඩකටයුතුත් එක්ක තමයි කාලය ගෙවුණේ. මගේ අලුත්ම ගීතය තමයි %වරදක් කියන්නේ නැහැ" කියන ගීතය එළිදක්වලා තියෙනවා. ඒකේ වීඩියෝවත් එක්ක තමයි එළිදැක්වූවේ. ඒ සඳහා හොඳ ප්‍රතිචාර හිමිවෙනවා. ඒ විදිහට තමයි වැඩකටයුතු සිද්ධ වෙන්නේ. %වරදක් කියන්නේ නැහැ^ රසිකයන් අතරට යන්න ඕන නිසා මම ටික කාලයක් යනකන් ගීතයක් කරන්නේ නැහැ. කොහොමත්, අප්‍රේල්, මැයි පහුවෙලා අලුත් හොඳ ගීතයක් සහ වෙනස් ගීතයක් නිර්මාණය කරන්න ඉන්නේ. ඉදිරියේදී කරන්න සැලැසුම් කරන ගීතයක් කාලයට වෙනස්ම දෙයක් වෙන ගීතයක් ලෙස කියන්න පුළුවන්"

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-04-23-ent-87