"අවසාන ප්‍රේමයයි මාගේ" ගීතයත් සමග තාරුණ්‍යයේ හදවත් තුළ රැඳුණු ගායකයෙක් ලෙස දිමන්ක වෙල්ලාලගේ හැඳින්වීමට හැකියාව තිබේ. ඔහුගේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව අප සමග මෙසේ පැවසීය.
"මගේ අලුත්ම ගීතය තමයි 'වරදක් කියන්නේ නැහැ' කියන ගීතය එළිදක්වලා තියෙනවා. ඒකේ වීඩියෝවත් එක්ක තමයි එළිදැක්වූවේ. ඒ සඳහා හොඳ ප්‍රතිචාර හිමිවෙනවා. 'වරදක් කියන්නේ නැහැ' රසිකයන් අතරට යන්න ඕන නිසා මම ටික කාලයක් යනකම් ගීතයක් කරන්නේ නැහැ. මැයි පහුවෙලා අලුත් හොඳ ගීතයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා"
ඩිලාන් ක්‍රිෂාන්ත