දිය මෝරු කළමනාකරුවන් ගෙදර යවති?


කරවල ලෙස ආහාරයට ගන්නා දිය මෝරුන් ටොන් 3ක් වසර අටක පමණ කාලයක් ශීතාගාරයක තැබූ කළමනාකරුවන්ගේ වැඩ තහනම් කරන්නැයි ධීවර ඇමැති මහින්ද අමරවීර ධීවර සංගමයට උපදෙස් දී ඇත.

මෙසේ ශීතාගාර තුළ තිබී ඇත්තේ කරවල ලෙස ආහාරයට ගන්නා දිය මෝරු නැමැති මත්ස්‍ය විශේෂය යැයි ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.  

ධීවර සංස්ථාවේ සාමාන්‍යාධිකාරි මිලාන් මිරැන්ඩා මහතා පැවසූයේ මේ ගැන තමා කිසිවක් නොදන්නා බවයි.