දිල්ලි ගුවන්තොටුපොළ වහලයක් කඩා වැටෙයි


ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ එක් පර්යන්තයක යහලයක කොටසක් කඩා වැටුණි. 

ගුවන්තොටුපොළ ඉදිරියේ නවත්වා තිබූ වාහන රැසකට ද එයින් හානි සිදුවිය.

කඩා වැටුණු වහලයට යට වීමෙන් එක් අයෙක් මියගියේය. සිවු දෙනෙකු තුවාල ලැබූ බව ද පැවැසෙයි. වහලය කඩා වැටුණේ අද (28) පාන්දර 5.30 ට පමණය.

 (එන්.ඩී.ටීවී.)