2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් තුන් කෝටි තිස් ලක්ෂයක දිවි නැගුම අරමුදල් වංචා කළැයි කියන හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට කොළඹ මහාධිකරණයේ චෝදනා බාර දුන්නේය. එම් වී කරුණාරත්න මහාධිකරණ විනිසුරු හමුවේ නඩුව කැඳවිණි.
චෝදනා කියවා තේරුම් කර දීම අගෝස්තු 30 වැනි දා ට කල් තැබු විනිසුරු පැමිණිල්ලේ ලියවිලි කිහිපයක් විත්තියට බාර දෙන ලෙසට නියෝග කළේය.
බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් රුපියල් පන් ලක්ෂය බැගින් වු මුදල් ඇප හා රුපියල් ලක්ෂ පනහක් වු ශරිර ඇප මත මුදා හරිනු ලැබ සිටිති.