අම්පාර දීඝවාපිය රජමහා විහාරාධිපති නන්නපුරාවේ බුද්ධරක්ඛිත හිමියෝ (92) අද (12) අපවත් වූහ.
දීඝවාපිය පුජා භූමියක් කිරීමට ඇප කැපවූ උන්වහන්සේ දීඝවාපිය සංරක්ෂණ කටයුතුවලටද පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සමග එක්ව සහයෝගය දුන්හ.
කාලයක සිට ගිලන්ව සිටි ඒ හිමියෝ අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියහ.
ඡායාරූපය - වසන්ත චන්ද්‍රපාල