වසර දෙසිය හතළිස් හයක ඉතිහාසයේ පෘථිවිය ආසන්නයෙන්ම ගමන් කරන දීප්තිමත් හරිත පැහැ වල්ගා තරුවක් ඉදිරි දිනවල දී දුර දර්ශකයන් ආධාරයෙන් දැකිය හැකි බව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණ විද්‍යඥ තාරකා ජිව විද්‍යා ගවේශක කිර්ති වික්‍රමරත්න මහතා කියයි.
සී2016බීඒ14 ලෙසින් නම් කර ඇති අඩි 3000 ක විෂ්කම්භයකින් යුත් මෙම වල්ගා තරුව පසුගිය 22 වැනිදා පෘථිවියට සැතපුම් ලක්ෂ 22 ක දුරකින් ගමන් කර ඇති බවට විද්‍යාඥයින් අනුමාන කරන බව වික්‍රමරත්න මහතා පවසයි.
මිට ප්‍රථම ක්‍රිස්තු වර්ෂ 1770 දි ඩී1770එල්අයි ලෙක්සල් නම් වල්ගා තරුව පෘථිවියට ආසන්නයෙන් ගමන් කර ඇති බවද වික්‍රමරත්න මහතා සදහන් කරයි
කැලිෆොනියාවේ නාසා ආයතනයේ ජේපීඑල් පර්යේෂණාගාරයේ රේඩාර් නිරික්ෂණ මගින් සී2016බීඒ14 වල්ගා තරුව නිරික්ෂණය වි ඇති බවද වික්‍රමරත්න මහතා කියයි.
එම නිරික්ෂණ ඡායාරූප හැඩ අනුව මෙම වල්ගා තරුවේ එක් පැත්තක් ගඩොල් කැටයක් ද අනෙක් පස පෙයාස් ගෙඩියක ද හැඩයෙන් යුත් බවද ඔහු පවසයි.
එමෙන්ම වඩා විශාල වු වල්ගා තරුව වු 252පී/ලීනියර් නමැති වල්ගා තරුව පෘථිවියට සැතපුම් මිලියන 3.3 දුරකින් පසුගිය 21 වැනිදා ගමන් කර ඇති බවත් එම වල්ගා තරුව ඉදිරි දින වලදි පෘථිවි අර්ධ ගෝලයේ විද්‍යාමාන වන බවට විදුදරයන් ප්‍රකාශයට පත් කොට ඇති බව වික්‍රමරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
252පී/ලීනියර් නමැති වල්ගා තරුව පසුගිය දින කිහිපයදි එහි දීප්තය විද්‍යාඥයින් අනුමාන කළ ප්‍රමාණයට වඩා වැඩි වෙමින් පවතින අතර එය සුර්යා නැගිටිමට පෙර පැය එක හමාරකට ප්‍රථම දුර දර්ශකයන් මගින් නැරඹිමට හැකිවන බවද විද්‍යාඥයෝ අපේක්ෂා කර ඇති බව වික්‍රමරත්න මහතා කියා සිටියේය.
ඉදිරි දිනවල උදැසන මෙම වල්ගා තරුව අගහරු හා සෙනසුරු ග්‍රහ වස්තු ආසන්නයේ දැකිමට හැකිවනු ඇති බවට විදුදරයන් උපකල්පනය කර ඇති අතර එය උපකල්පනය කර ඇති ප්‍රමාණයට වඩා සිය ගුණයකින් දීප්තියන් වැඩිව හරිතපැහැ වල්ගා තරුවක් ලෙස දර්ශණවනු ඇති බවද වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේය