දීලත් නැහැ , ආවෙත් නැහැ


ක්‍රිකට් ලෝක කුසලානය දිනා වසර 20 ක් ගතවීම සැමරීමට එදා ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ නියමුවෝ පසුගිය ඊයේ (19) එක්වූහ.අතීතය ස්මරණය කරනු වස් ඔවුහු ක්‍රිකට් තරගයක්ද පැවැත්වූහ.

මෙම අවස්ථාවට ජනපති සිරිසේන සහභාගීව සිටියේය.අගමැතිවරයාට ආරාධනා කර තිබුණද අම්පාරේ රාජ්‍ය උත්සවයකට සහභාගීවීමට සිදුව තිබූ හෙයින් ඔහු පැමිණ සිටියේ නැත.

ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාවය.ඒ ක්‍රීඩාවේදී මහත්මා ගතිගුණ ඇගයෙන නිසාය.

නමුත් කුමන හේතුවක් මත දෝ මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යවරයාට හෝ අභිනවයෙන් පත්වූ ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයාට ආරාධනා ලැබී තිබුණේ නැත.

ආරාධනාවක් නොලැබුණද ක්‍රීඩා අමාත්‍යවරයා මෙම අවස්ථාවට සහභාගී විය.නමුත් ඔහුගේ සහභාගීත්වය යන්තම් මුහුණ පෙන්වීමකට පමණක් සීමාවිය.

ලංකාවේ ‘‘ක්‍රිකට්‘‘ පාලන කටයුතු වල යැවෙන ‘‘පන්දු‘‘ මොනවාදැයි තේරුම්ගැනීම අපහසුය.