මඩකලපුව සිට කොළඹ දක්වා ගමන් ගත් දුම්රියක සෙවණපිටියේදී ගැටුණු වල් අලියකු තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ සිටින බව වැලිකන්ද වනජිවි නිලධාරිහු පවසති.
බටහිර මහවැව ගම්මානය සිට දුම්රිය මාර්ගය හරහා වල් අලියා සෝමාවතිය වනෝද්‍යානයට යමින් සිටියදි අනතුර සිදු වී ඇතැයි සැක කරන බව වැලිකන්ද වනජිවි ආරක්‍ෂක නියාමක මංජුල රත්නපාල මහතා පැවසීය.
වල් අලියා වයස අවුරුදු 30 – 35 ත් අතර වේ.
එම දුම්රියටම හබරණ කුරුලු උද්‍යානයේ සිට කවුඩුල්ල ජාතික උද්‍යානය දෙසට ගමන් කරමින් සිටි වල් අලි රංචුවක සිටි ඇත් පැටියකු දුම්රියේ ගැටීම හෙතුවෙන් ඇත් පැටියාගේ කොන්ද ප‍්‍රදේශයට ඇති හානි සිදුව ඇතැයි කවුඩුල්ල ජාතික උද්‍යානයේ නිලධාරිහු පවසති.
ඡායාරූප - නිමල් ජයරත්න
ඡායාරූප - ඩබ්.ඒ.පියතිලක