දුමින්දගේ නඩුවක් කල් යයි


සාධාරණ හේතුවක් නොදක්වා සිය වත්කම් බැරකම් අවුරුදු තුනක් තිස්සේ ප්‍රකාශ නොකළ බව කියමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වාට එරෙහිව ගොනු කළ නඩුවේ සාක්කි කැඳවීම ලබන නොවැම්බර් 1 දක්වා කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (26) නියෝග කළේය.