එක්සත් රාජධානියේ බරපතල වංචා කාර්යංශය හා සමාන පූර්ණ බලැති බරපතල වංචා සොයන කාර්යාලයයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන තුරු දැනට පවතින දූෂණ විරෝධී ලේකම් කාර්යාලයයේ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
මෙම යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.
කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ එම යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබීමත් සමග අඛණ්ඩව දූෂණ විරෝධී කමිටු කාර්යාලයය ක්‍රියාත්මක වන බවයි.
මෙය හා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය අහෝසි කරන බවට පසුගිය කාලයේ වැඩි කතාබහක් ඇති විය.