දෙන්නකුට මුහුද සුසානයක් වෙයි : කිමිදුම්කරුවෝ දෙන්නකු සොයති


බලපිටිය ගුරුවිද්‍යාලය අසල මුහුදේ දිය නෑමට ගිය සිව් දෙනකුගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බවත් තවත් තරුණයන් දෙදෙනකු සෙවීම සඳහා අද (18) නාවික හමුදා කිමිදුම්කරුවන් යොදවා ඇත.

මියගොස් ඇත්තේ ඌරගස්මංහන්දිය පතිරාජ ප්‍රදේශයේ පදිංචි යූ.එල්.චාන්දනි නමැති එක් දරු මවක (32) සහ ලක්ෂානි වාසනා (15) නමැති පතිරාජ විදුහලේ 10 වසරේ සිසුවියක බව හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.

අතරුදහන් වූ තරුණයන් අතර සිටි එක් තරුණයකු මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටි සිසුවකු බව පොලිසිය කියයි.

(ඡායාරූප හා වීඩියෝ - දීපාල් ද සිල්වා)

IMG_1094 IMG_1106 IMG_1107 IMG_1119