පසුගියදා පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ අත්අඩංගුවට පත්වූ දෙමටගොඩ චමින්දගේ මුදල් කළමනාකරු බව කියන තරිඳු ප්රභාත් මේ මස 30 වැනිදා තෙක් රඳවාගෙන ප්රශ්න කිරීමට මාළිගාකන්ද අධිකරණය අවසර දුන්නේය.
ඔහු සතුව තිබූ දුරකථන අංක 7ක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් දෙමටගොඩ චමින්ද භාවිතා කළ බව කියන දුරකථන කිහිපයක අංක ලැබී ඇති බවත් පොලිසිය පැවසීය.