දෙමළ ජාතික සන්ධානයේ මත ගැටුම්


වෙනම  රාජ්‍යයක් අන්තර්ගත වඩුකෝඩෙයි යෝජනාවෙන් දෙමළ ජනතාව හා දෙමළ දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කර ඇති බවට දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා සිදු කළ  ප්‍රකාශයට දෙමළ ජාතික සන්ධානය අභ්‍යන්තරයේම ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වී අතැයි දෙමළ සන්ධානයේ ආරංචිමාර්ග කියයි.

ඉන්දියාවේ උජ්ජේනියේ පැවති සාම්ප්‍රදායික කුම්භාභිෂේක මංගල්‍ය සදහා සහභාගීවූ  සම්බන්ධන් මහතා එරට ද හින්දු පුවත්පත සමගින් මේ අදහස පලකර තිබුණි.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන ඇතැම් නියෝජිතයින් මෙන්ම ජ්‍යාත්‍යන්තර වශයෙන් සිටින දෙමළ ඩයස්පෝරාවේ කොටිහිතවාදී බලවේගයන්ද විවිධ ප්‍රකාශයන් සිදුකර තිබුණේ සම්බන්ධන් පිලිබද අප්‍රසාදය පලකරමිණි.