දෙමාපියන්ට පින් දෙන සැල්ඩානා


2016-08-04-ent-10

තමන්ගේ නිවුන් දරුවන් රැකබලා ගැනීම වෙනුවෙන් වැඩිම දායකත්වයක් ලබාදෙන්නේ සැමියා වන මාර්කෝ පෙරේජෝ සහ දරුවන්ගේ සීයලා සහ ආච්චි අම්මලා බව කාර්යබහුල නිළියක වන සැල්ඩානා පවසන්නීය. විශේෂයෙන්ම ඉතාලි සම්භවයක් සහිත මාස විස්සක් පමණ වයසැති ඔවුන් දෙදෙනා රැක බලා ගැනීමේදී සැමියා දක්වන දායකත්වය අමතක කළ නොහැකි බව පවසන සැල්ඩානා, තමන්ට සිය වෘත්තීය ජීවිතයට සහයෝගය දක්වන හොඳ කණ්ඩායමක් සිටීම ගැන අතිශයින් සතුටට පත්ව සිටින බවද පීපල් සඟරාව සමග පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවාය. විශේෂයෙන්ම දරුවන්ගේ මුල් මාස හයේදී තමන් මුහුණදුන් කටුක අත්දැකීම් සිහිපත් කළ නොහැකි බව පවසන ඇය, තමන් නිවසට පැමිණෙන්නේම දරුවන් නහවා, නින්දට යැවීම සඳහා වුවද ඒ සඳහා තමන්ට ලැබී ඇති කාලය මිනිත්තු 20ක් බවද එහිදී පැවසුවාය.

 

මාලන් විදානපතිරණ

 

2016-08-04-ent-09