ජනප්‍රිය කැනේඩියානු රැප් ගායක ඩ්රේක්ගේ නවතම සංගීත ඇල්බමය වන Views හි ඇතුළත් ගීතයක් වන One Dance පසුගිය සතියේදීත් බිල්බෝර්ඩ් දර්ශකයේ අංක එකේ ගීතය බවට පත්විය. නයිජීරියානු ගායක විස්කිඩ් සහ බ්‍රිතාන්‍ය ගායක කයිලාද ගායන දායකත්වය ලබාදෙන මෙම ගීතය පිළිබඳ අදහසක් ලැබී ඇත්තේ 2008 වසරේදී ක්‍රේසි කසින්ස් සහ කයිලා ගායනා කරනු ලබන බ්‍රිතාන්‍ය ගීතයක් වන %Do You Mind ?^ නිර්මාණය ඇසුරිනි.
Nineteen 85, DJ Maphorisa 40,Wizkid සහ Sarz නිෂ්පාදනය කළ මෙම ගීතයේ ගී පද රචනය ඩ්‍රේක්, Noah "40" Shebib, Wizkid, කයිලා ස්මිත්, එරල් රෙයිඩ් සහ ලුක් රෙයිඩ්ගෙනි. පොප් ගායන ශෛලියේ රිද්මයක් සහිත මෙහි නිකුත්වීම සිදු වූයේ පසුගිය අප්‍රේල් 05 වැනිදාය. පසුගිය අප්‍රේල් 12 වැනිදා ගුවන් විදුලියට නිකුත් වූ මෙම ගීතය ඇමෙරිකාවේ සහ කැනඩාවේ අංක එකට පත් ඩ්රේක්ගේ පළමු ගීතය වන අතර, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, නෙදර්ලන්තය, නවසීලන්තය යන රටවලද අංක එකට පත් වූයේ ඩ්රේක්ගේ පළමු ගීතය වන අතර, ඇමෙරිකාවේ සහ කැනඩාවේ එකම ගායකයෙක් ගීත දර්ශකයේ පළමු ස්ථානය දිනූ පළමු අවස්ථාව ලෙසද සැලකෙයි. එසේම මෙම ගීතය එංගලන්තයේදී ඩ්රේක්ගේ නිර්මාණයක් අංක එකට පත් පළමු අවස්ථාව ලෙසද සැලකෙයි. මේ අනුව මෙම ගීතය ඇමෙරිකාවේ පමණක් දැනට අලෙවි වී ඇති පිටපත් සංඛ්‍යාව මිලියනය ඉක්මවන්නේය. එසේම මෙය එංගලන්තයේ පිටපත් 600,000ක්ද, කැනඩාවේ පිටපත් 80,000ක්ද, ඔස්ට්‍රේලියාවේ පිටපත් 70,000ක්ද ආදී වශයෙන් මේ වනවිට බොහෝ රටවල අලෙවිවෙමින් පවතී.
මෙහි ගීත ගායනයෙන් දායක වන කයිලාගේ හඬ පිළිබඳ බොහෝ විචාරකයන් ප්‍රශංසා මුඛයෙන් කතාබහ කළ අතර, මෙහි වාදනය වන පියානෝ වාදනය මෙන්ම ගී පද රචනයෙන් කියැවෙන අරුතද ඇගයුමට ලක්වෙමින් පවතී. විශේෂයෙන්ම සමාජ ශාලාවක සිටින දෙදෙනෙකුට තම තමන්ව අහිමි වන ආකාරය පිළිබඳ වෙනස්ම අරුතක් සපයන මෙහි සංකල්පනාවේ සංකේත භාවිතය යම් ප්‍රශංසනීයය මට්ටමක පවතින බව බොහෝ විචාරකයන්ගේ මතයයි.
මාලන් විදානපතිරණ