සැප්තැම්බර් 30 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති "එම්.එස්. දෝණි - ද අන්ටෝල්ඩ් ස්ටෝරි" චිත්‍රපටයේ පළමු ප්රචාරක පටය පසුගියදා දිල්ලි, චෙන්නායි හා මුම්බායි නගර වලදී එළිදක්වනු ලැබීය. මෙම අවස්ථාවන් තුනටම එහි ප්‍රධාන නළු චරිතයට පණ පොවන සූශාන්ත් රාජ්පුත් සිං හා ඉන්දීය එක්දින හා විස්සයි 20 කණ්ඩායම් නායක මහේන්ද්‍ර සිං දෝණි එක්විය.
මෙම චිත්‍රපටය ඉන්දීය නායක දෝනිගේ ජීවත කතාව අලලා නිර්මාණය වුණ අතර, චිත්‍රපටය ප්‍රකට බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක නිරේජ් පාණ්ඩේ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබ තිබුණි. මුම්බායිහි පැවති මෙම ප්රචාරක පටය නිකුත් කළ දිනය ඉතා සුන්දර් අවස්ථාවන් කිහිපයකටම මුහුණ දෙන්නට ඉන්දීය නායකයාට මෙන්ම චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන සූශාන්ත්ට සිදු වු අතර, ඔවුන් දෙදෙනා ඉතා සමිප මිතුරන් සේ මෙහි ගත කරනුද දක්නට ලැබුණි.
චිත්‍රපටය පිළිබඳව දෝණිගෙන් මාධ්‍යය විමසද්දි ඔහු පවසා තිබුණේ සුශාන්ත් තමාගේ චරිතයට උපරිම සාධරණයක් එක්කොට ඇති බව පැවසීය.