නුවරඑළිය තුරඟ තරග පිටියේ පසුගියදා පැවැති තුරඟ තරගාවලිය අවසානයේ සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා. ඒ සඳහා නවපරපුරේ ඉංග්‍රීසි ගීත ගායන ශිල්පිනී නටාෂා රත්නායකද සහභාගී වුණා. ගීත ගායනයට වඩා බොහෝ දෙනා ඇය හඳුන්වන්නේ "ලාංකේය කිම් කාර්ඩිෂන්" යන අනුවර්ථ නාමයෙනුයි. එයට හේතුව වූයේ ඇය විසින් ව්‍යායාම් කරන ලද වීඩියෝ කිහිපයක් අන්තර්ජාලයට මුදාහැරීමත් සමගයි.
කෙසේ වුවත් ගායන තුළින් අන්තර්ජාතික මට්ටමට ගිය ගායිකාවක වන නටාෂා පිළිබඳව බොහෝ දෙනා තුළ ඇත්තේ කැමැත්තක්. ඇය විසින් ගායන කරන ලද ගීතයන් පිළිබඳව එදා බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා.
බොහෝවිට යම්කිසි කෙනෙකු සඳහා කුමන පුවතක් ගොඩනැගෙන්නේ ඇය හෝ ඔහු විසින් සිය සමාජ ජාල වෙබ් අඩවි හරහා පළකරනු ලබන ඡායාරූප හෝ වීඩියෝ නිසා බව කොයි කවුරුත් දන්නා කාරණාවක්. ඒ අයුරින්ම නටාෂා රත්නායකද නැවත වරක් කරළියට එන්නෙ ඇය විසින් තුරඟ තරගාවලියේ අශ්වයෙකු සමග ගන්නා ලද ඡායාරූප ඇගේ ෆේස්බුක් ගිණුමේ පළකිරීමත් සමගිනුයි. ඇය පළ කරන ලද ඡායාරූප කිහිපයක් මෙහි දැක්වේ.
ඩිලාන් ක්‍රිෂාන්ත/ඡායාරූප - නටාෂා රත්නායකගේ ෆේස්බුක් ගිණුමෙනි.