නඩු භාණ්ඩ දුන්නාට වාකිශ්ඨ පරීක්ෂණයකට


රාජ්‍ය බුද්ධි සේවාවේ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ වූ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති නිමල් චන්ද්‍රා වාකිශ්ඨ එවකට සිටි පොලිස්පති තුමාගේ අවසරයක් නොමැතිව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නඩු භාණ්ඩයක් ලෙස තිබූ ලොරියක් වෙනත් පාර්ශවයකට ලබා දීම සම්බන්ධයෙන්  පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් පැය 3 කට ආසන්න කාලයක් ප්‍රශ්න කැරිණි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලද පැමිණිල්ලකට අනූව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.