ශ්‍රී ලංකාවට අලූතින් පත්ව ආ නව තානාපතිවරු පස් දෙනෙකු හා මහ කොමසාරිස්වරු දෙදෙනෙකු අද (22) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත සිය අක්ත පත‍්‍ර පිළිගැන්වුහ.
උරුගුවේ, ටර්ක්මේනියාව, හංගේරියාව, ස්ලෝවේනියාව හා මාලි ජනරජය සඳහා තානාපතිවරු ද මලයාසියාව සහ මුරුසි රාජ්‍ය සඳහා මහකොමසාරිස්වරු ද මෙලෙස පත් ව සිටිති.
උරුගුවේ ජනරජයේ කාලෝස් ඔලැන්ඩෝ, ටර්ක්මෙනිස්තාන් ජනරජය වෙනුවෙන් පරකාට් ඩුර්ඞ්යෙව්, හංගේරියා ජනරජය වෙනුවෙන් ගයුලා පෙටෝ, ස්ලෝවේනියා ජනරජයේ සොසෙෆ් ඩ්‍රොෆෙනික් හා මාලි ජනරජයේ නියන්ලෝරෝ යා සමාකේ තානාපතිවරු ලෙස ද මලයාසියාව හා මුරුසිය වෙනුවෙන් වෑන් සයිඞ් බීන් වැන් අබ්දුල්ලා හා ජග්දීශ්වර් ගෝබර්දන් මහ කොමසාරිස්වරු ද අක්ත‍්‍ර පත‍්‍ර බාර දුන්හ.