නව මන්ත්‍රී හබීබ් රිෆාන් දිවුරුම් දෙයි


සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් වාහිඩ් මහතා පසුගියදා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධූරයට හබීබ් රිෆාන් මහතා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

ඔහු එසේ දිවුරුම් දීමෙන් පසු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සුභපැතුම් මධ්‍යයේ විපක්ෂයේ පසුපෙළ අසුනක අසුන් ගත්තේය.

අබ්දුල් වාහිඩ් මහතා එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමග පවතින කිසියම් ගිවිසුමක කොන්දේසියකට අනුවයි.