නාමල් උයනට හෙනහුරා පනී


ජාතික නාමල් උයනෙහි දැවැන්ත නා ගස් මැරී යාමේ තර්ජනයකට  ලක්ව ඇතැයි එහි නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පැවසුහ.

වසර 1500ක් පමණ වයසැති මහා රූස්ස ගස් හා පුංචි ගස්ද මෙලෙස හිටි හැටියේ මැරීයාම පිළිබදව උද්භිද විද්‍යාඥයින්ගේ අවදානය යොමු විය යුතුව ඇතැයි ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

අක්කර 972 ක පමණ වපසරියකින් යුත් මෙම නා උයන ආරක්ෂා කර ගැනීම ජාතියේ යුතුකමක් බවත් පරිසරවේදීන්ගේ අවධානය කඩිනමින් යොමුවිය යුතු බවත් රාහුල හිමියෝ පවසති.

NU2016510 NU20165102