නාමල් රිමාන්ඩ්


අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්  රාජපක්ෂ ලබන 18 වැනි දා තෙක්  රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා  ජයරත්න මහත්මිය නියෝග කළාය.

කොළඹ කොටුවේ සුඛෝපභෝගී මහල් නිවාස ඉදි කිරීමට පැමිණි ඉන්දියාවේ ක්‍රිෂ් නමැති සමගාම විසින් 2013 වසරේදී රගර් තරගාවලියක් සංවිධානය සඳහා සැකකරුට ලබා දුන්නැයි කියන රුපියල් මිලියන 70ක මුදලක් අවභාවිතය හා මුදල් විශුද්ධිකරණය යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොනු කැර තිබිණි. ඒ අනුව අද (11) පෙරවරුවේ කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගනු ලැබිණි.

(ඡායාරූප ඉසංක සුනිමල්)

DSC_0481 DSC_0496 DSC_0499