නිදහස් උළෙලට යන අපේ රටේ අමුත්තා යුද හමුදාපතිගේ නිරීක්ෂණයට


( ශාන්ත රත්නායක සහ රේඛා තරංගනී ෆොන්සේකා)

ශ්‍රී ලංකා විදුලි යාන්ත්‍රික හා ඉංජිනේරු රෙජිමේන්තුව නිෂ්පාදනය කරන ලද  වෙඩි නොවදින ප්‍රථම සැහැල්ලු සන්න හා සන්නද්ධ රථය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානයථානයේදී අද දින පරීක්ෂාවට ලක් කළේය.

මෙම සන්නද්ධ රථය මෙවර ජාතික නිදහස් උළෙල සඳහා එක් කිරීමට නියමිතය. 

මෙම රථයට වෙඩි හා බෝම්බ ප්‍රහාර මැඩපත්වාගෙන ඉදිරියට යාමේ හැකියාවක් පවතින බව විදුලි යාන්ත්‍රික ඉංජිනේරු බළකාධිපති මේජර් ජනරාල් ඉන්දු සමරකෝන් මහතා පැවැසීය.

මෙවැනි රථයක් ආනයනය කිරීම සඳහා කෝටි 300කට ආසන්න මුදලක් වැය වන බව පවසයි. මෙම වෙඩි  සැහැල්ලු සන්න හා සන්නද්ධ රථය සඳහා වැයවු මුදල කෝටි එක හමාරක් බව මේජර් ජනරාල් ඉන්දු සමරකෝන් මහතා පැවසීය.