නිදහස් පෙරමුණ කොටුවේ අත් පත්‍රිකා බෙදයි


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පත් 15 මගින් මාතෘ භූමිය අඳුරු ඉරණමකට ගොදුරු කිරීමට සැරසීම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම සඳහා ‘ව්‍යවස්ථා මර උගුල හා ජාතියේ අවමගුල‘ නමැති අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහන අද (7) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ක්‍රියාත්මක කැරිණි.

ජාතික නිදහස් පෙරමුණ මෙය සංවිධානය කර තිබූ අතර එම පක්ෂයේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

GLA_8267 GLA_8273