අසනීප වූ ලුවන් නියමුවා වෙනුවට වෙනත් නියමුවෙකු යොදා ශ්‍රී ලංකන් ඒ 330 ගුවන් බසයක් පැය 15 ක පමාවකින් පසු අද (20) රාත්‍රී 7.15 ට ජර්මනියේ ෆ්‍රෑන්ක් පර්ට් සිට කටුනායකට ලඟා වීමට නියමිතය.
අද අලුයම් 4.30 ට මෙම යානය කටුනායකට පියාසර කිරීමට නියමිතව තිබිණි.
මගීණ් 260 දෙනෙකු හා කාර්යය මණ්ඩලයේ 14 දෙනෙකු යානයේ සිටින බව ගුවන් තොටුපොළ ආරංචි කියයි.