නිරූපණයේ අහිංසක චරිතයක් වන 'ශෙනාලි'


2016-08-03-ent-38

මේ වනවිට නිරූපණය ක්ෂේත්‍රය තුළ බෙහෙවින් නවක මුහුණු දැක ගැනීමට හැකියාව තිබේ. එවන් නවකයන් අතරින් කැපී පෙනෙන චරිතයක් ලෙස ශෙනාලි තිලකරත්න හැඳින්විය හැකිය. ඇය නිරූපණයට නවකයෙකි. නමුත් නිරූපණය තුළ දිගු ගමනක් යාමට බලාපොරොත්තු වන ඇය තමන්ගේ කටයුතු පිළිබඳව කතාබහ කිරීමට මෙලෙස අපත් සමග එක් විය.

 

ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

2016-08-03-ent-37මගේ නම ශෙනාලි තිලකරත්න. ඉන්නේ කළුතර.

 

කොයි කාලේද වගේ නිරූපණයට එකතු වුණේ?

දැනට අවුරුදු දෙකක් විතර වෙනවා.

 

මුලින්ම දායක වුණේ?

සිරිකත පත්තරේට ෆොටෝ ෂූට් එකක් කළා. එකේ කළේ සජීව ලක්ෂාන් අයියා. එතැනින් තමයි මම නිරූපණයට ආවේ.

 

නිරූපණයට එකතු වුණේ?

නිරූපණය කියන දේට පොඩි කාලේ ඉඳන් ආසාවක් තිබුණා. ඒ නිසා නිරූපණයට එන්න තිබුණු කැමැත්ත නිසා නිරූපණයට එකතු වුණා.

 

ක්ෂේත්‍රය තුළ තෝරා බේරා ගෙනද වැඩ කරන්නේ?

අනිවාර්යෙන්ම ඔව්, මට ගැළපෙන සහ හොඳ දෙයක් ආවොත් මම භාර ගන්නවා. ක්ෂේත්‍රය පිළිබඳව වැඩි අත්දැකීමක් නැති නිසා ටිකක් බයක් තියෙනවා. ඒක නිසා හොඳ දේවල් විතරක් ආවොත් බාර ගන්නවා. සමහර දේවල් තියෙනවා මට ගැළපෙන දේවල් සහ නොගැළපෙන දේවල්. ඒක නිසා තමයි තෝරාගෙන බේරාගෙන වැඩවලට දායක වෙනවා කියන්නේ. ගොඩක් අය මට කියන දෙයක් තමයි නිරූපණය මට ගැළපෙන්නෙ නැහැ කියන එක. මොකද ඒ අය කියනවා මම ගොඩක් අහිංසක වැඩියි කියලා. ඒ දේත් මට තේරිලා තියෙනවා.

 

නිරූපණය පිළිබඳව හදාරන්නේ නැද්ද?

තවම නැහැ. නමුත් නිරූපණය පිළිබඳව හදාරන්න ආසාවක් තියෙනවා. ඒ දේ ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා.

 

නිරූපණය කියන දේ හොඳයි කියලා හිතනවාද?

නිරූපණය කියන දේ හොඳයි කියලා තමයි මම හිතන්නේ. තාම ඒ දේ ගැන හරියට අවබෝධයක් නැහැ. තවම මම ක්ෂේත්‍රයට අලුත් කෙනෙක් නිසා ඒ පිළිබඳව වැඩි දෙයක් කියන්න බැහැ.

 

නවකයන් මේ ක්ෂේත්‍රය හොඳද?

මේ ක්ෂේත්‍රයේ වරදක් නැහැනේ. ඒක නිසා නවක තරුණියන්ට මේ දේ ගැළපෙනවා කියලා මම හිතනවා.

 

ඉදිරි කටයුතු ගැන කිව්වොත්?

එහෙම කියන්න අමාරුයි. ක්ෂේත්‍රය තුළ ඉක්මන් ගමනක් ගැන මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම තෝරාගෙන බේරාගෙන වැඩ කටයුතු කරන නිසා මගේ ගමන ගොඩක් හෙමින් ගමනක් වෙයි.

 

උදව් කරපු පිරිසක් ඉන්නවාද?

මුලින්ම සංජීව ලක්ෂාන්. එයා තමයි මාව ක්ෂේත්‍රයට හඳුන්වා දුන්නේ. ඊට පස්සේ මගේ පවුලේ අය. අම්මයි, අක්කයි මට ගොඩක් උදව් කරනවා. ඒවගේම පෙම්වතා වන කසුන් ධනංජය විශේෂයෙන් මතක් කරනවා. මොකද එයා තමයි මට ගොඩක් ලොකු සහයෝගයක් දෙන්නේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

 

2016-08-03-ent-39
2016-08-03-ent-36
2016-08-03-ent-35