ඉන්දියාවේ ලධාක් යනු සුන්දර පරිසරයකි. මෙහි ඇති සුන්දරත්වය පිළිබඳව කියා පෑමට ඇත්තේ ගෙන හැර පාන ඡායාරූපයි. එමනිසා එහි සුන්දරත්වය අප රටට ලබා දීමට Glimpses Of Ladakh - ඉන්දියාවේ ලධාක්හි විශ්මය කැමරා ඇසින් ගෙන ඒමට උත්සාහක් දැරීමට නිලාන් මලිගැස්ප සූදානම් වී තිබේ. ඒ පිළිබඳව ඔහු අපට පැවැසුවේ මෙවැන්නකි.
"ඉන්දියාවේ ලධාක් හිමකඳුවලින් වටවුණු ඇපල් සහ ඇෆිනෙව් පලතුරුවලින් ගහනවූත්, සුන්දර ගංගා ගඟ, විස්මයජනක පරිසර පද්ධතියකින් හෙබී ප්ර‘දේශයක ලෙස ලධාක් හඳුන්වා දීම වරදක් නොමැත. ලධාක්හි අගනගරය "ලේ" වෙනවා. ඉන්දියා ශ්රීලංකා පදනමේ අනුග්රහ‘යෙන් සහ MIMC ආයතනයේ අධ්යක්ෂ සංඝසේන මහා නායක ස්වාමීන් වහන්සේගේ ආරාධනයෙන් 2010 වසරේදී මුල්ම සංචාරය ලධාක්වලට පිටත් වීමට හැකිවුණා. ඉන්පසුව වාර කිහිපයකදී ලධාක් සංචාරවලදී ලබාගත් ඡායාරූප එකතුවක් මගේ මුල් ඡායාරූප ප්රදර්ශනය ලෙස එළිදැක්වීමට මා අදහසක් ඇති වුණා.
ඒ අනුව මෙම ප්රදර්ශනය මේ මස 16 හා 17 යන දිනවල පෙරවරු 9.00 සිට රාත්රී 7.00 දක්වා ලයනල්ඩ් වෙන්ට්ඩ් ශාලාවේදී පැවැත්වෙන අතර, මේ සඳහා මූලික බරපැන කොළඹ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය දරන අතර, සෙසු අනුග්රහයන් සේයා කලර් ලැබ් කලුබෝවිල, අතුල ඩයස් මහතා, ලසන්ත ඩී. ෆොන්සේකා මහතා, සාරවිට වෙබ් අඩවිය, ස්ටූඩියෝ A799 ආයතන විසින් දරනු ලබනවා.
මේ පිළිබඳව වැඩිවිස්තර 071-4740799 යන දුරකථන අංකයට ඔස්සේ ලබාගත හැකියාව තියෙනවා."