රුපියල් ලක්ෂ 85ක ඉඩම් ගනුදෙනුවකදී තම කොමිස් මුදල නොදුන්නැයි කළුතර දී ව්‍යාපාරිකයකු විසින් පසුගිය 28 වැනිදා නීතිවේදියකු හා ඔහුගේ සහායකයා පැහරගත් බවට කළුතර පොලිසියට පැමිණිලි කර ඇත.
තමාගෙන් රුපියල් ලක්ෂ තිහක කප්පමක් ඉල්ලා තමා හා සහායකයා පැහැරගත් බව නීතිවේදියා කියා ඇතත් ව්‍යාපාරිකයා පවසා ඇත්තේ දෙහිවල කවුඩානේ ඉඩමක් රුපියල් ලක්ෂ 85කට විකිණීමෙන් තමාට ලැබිය යුතු මුදල නීතිඥයා විසින් නොගෙවන ලද බවයි.
ලබාගත් රුපියල් ලක්ෂ තිහ හා ව්‍යාපාරිකයා පැහැරගැනීමට යොදාගත් බව කියන මෝටර් රථයක් පොලිස් බාරයට ගෙන ඇත.
කූඨ ලේඛන මත ඉඩමක් විකිණූ බව කියන සිද්ධියක තොරතුරුද ලැබී ඇතැයි පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුට අමතරව තවත් කිහිප දෙනකු සොයන බවද පොලිසිය කියයි.