නීතීඥවරියත් නෑ : සිසුන්ට ඇපත් නෑ


නවකවද සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින  කැලණිය සරසවියේ සිසුන් අට දෙනාට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළ ගම්පහ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය ඇප ඉල්ලීම සලකා බැලීම අගෝස්තු පළමු වැනිදාට කල් තැබුවාය.

රජයේ නීතීඥවරිය අධිකරණයට නොපැමිණීම ඊට හේතුවයි.