පන්සලේ සල්ලි හොරකම් කර පාටිත් දාලා


පානදුර ගල්වැටිමෝදර පන්සලක ආවාස ගෙයින් මාස තුනකට පමණ පෙර රුපියල් ලක්ෂ 11ක් සොරකම් කළැයි පානදුර නගර සභා සුළු සේවකයකු හා ඔහුගේ බිරිය සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සොරාගත් මුදලින් රන් බඩු මිලට ගෙන, උගස් කළ රන් භාණ්ඩ නිදහස් කරගෙන, යහළුවන්ටද අත දිගහැර සාද පවත්වා ඇතැයි කියති.