අතුරුදන්වූවන් පිළිබඳ සොයා බලන කාර්යාලය (අපිකා) කිලිනොච්චිය හෝ මුලතිව් දිස්ත්රික්කයේ පිහිටවන ලෙස ඉල්ලා යුද සමයේ උතුරේ අතුරුදන්වූවන්ගේ ඥාතීහු පිරිසක් කිලිනොච්චිය නගරයේ පාගමනක නිරත වූහ.
අතුරුදන්වූවන් පිළිබඳ තොරතුරු සොයැබැලීම සඳහා පාර්ලිමේන්තුවේ පනත් සම්මත කොට පිහිටුවීමට සූදානම්වන කාර්යාලය කොළඹ ප්රදේශයේ ස්ථාපිත කළහොත් උතුරේ අතුරුදන්වූ ජනතාවට කිසිදු සහනයක් බලාපොරොත්තුවීමට නොහැකි බවත් ඔවූහු කියති.
පාගමනේ නිරතවූවන් යුද සමයේ අතුරුදන් තම ඥාතීන්ගේ ඡායාරූප ප්රදර්ශනය කරමින් පාගමනේ නිරතවූහ.
යුදසමයේ අතුරුදන්වූවන් වැඩි වශයෙන් උතුරේ සිටන අතර ඔවුන් පිළිබඳ සොයා බැලීමට නම් එම කාර්යාලය උතුරේ ස්ථාපිත කළ යුතු බවත් රජය මේ පිළිබඳ අවධානයක් යොමු කොට ක්රියා කරනු ඇතැයි ද කීය.
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා වෙත බාර දීම සඳහා සංදේශයක් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්රි එස්.ශ්රී දරන් මහතාගේ කාර්යාලයට බාර දුන්හ.