පරණ චිත්‍රපටයක දෙවැන්න


2016-08-22-ent-09

2002 වසරේ තිරගත වූ "අන්කෙන්" චිත්‍රපටයේ දෙවැන්න නිර්මාණය කිරීමට මේ වනවිට සැලසුම් කර ඇත. මේ සඳහා දායකත්වය සපයන නළුනිළියන් පසුගියදා ප්‍රකාශයට පත් කර තිබුණද අතර, පළමු "අන්කෙන්" චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ අමිතාබ් බච්චන් සුපුරුදු පරිදි මෙහිද ප්‍රධාන චරිතයට තෝරා ගෙන ඇත.

අමිතාබ්ට අමතරව මෙහි පළමු චිත්‍රපටයේ රඟපෑ අර්ජුන් රම්පාල්ද මෙම චිත්‍රපටය සඳහා තෝරා ගෙන ඇති අතර, අනිල් කපූර්, ඉලේනා ඩී කෲස්, අර්ෂාඩ් වාසි යන නළු නිළියෝ සෙසු චරිතයන් සඳහා රංගනයෙන් දායක වෙති. කෙසේ වෙතත්, "අන්කෙන්" පළමු චිත්‍රපටයේ රඟපෑ සුස්මිතා සෙන්, ආක්ෂේ කුමාර් හා පරේෂ් රාවල් මෙම චිත්‍රපටයට සම්බන්ධ කරගෙන නොමැති බව සඳහන් වේ.

අලුතින් නිර්මාණය කරන මෙම "අන්කෙන්" චිත්‍රපටය අනේස් බස්මි විසින් අධ්‍යක්ෂණය කරන අතර, ගවුරාන්ග් දෝෂි විසින් මෙය නිෂ්පාදන කිරීමට නියමිතව ඇත. මෙම චිත්‍රපටය ඉහළ නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බවට දැනට ලැබෙන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

 

2016-08-22-ent-08