අතුරුදන් වූවන් සෙවීමේ ජනාධිපති කොමිසමේ කාලය තවත් වසරක් දිගු කළහොත් අතුරුදන් වූවන්ට වූයේ කුමක්දැයි නිශ්චිතවම සොයා ගත හැකි බව එම කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා පැවසීය.
අතුරුදන් වූවන් සෙවීම සදහා පත් කළ පරණගම කොමිසමේ කාලය ලබන ජූලි 15 වැනි දා අවසන් වීමට නියමිතය.
මෙපමණ කාලයක් තුළ තම කොමිසම අතුරුදන් වූවන් සම්බන්ධයෙන් ලැබූ පැමිණිලි හා ඒ සම්බන්ධයෙන් ලැබු සාකෂී ගැන පමණක් විමර්ශන කටයුතු සිදුකළ බවත්, මෙහි චෝදනා එල්ල වන පාර්ශ්වය පිළිබඳ විමර්ශන සිදුකිරීමට නොහැකි වූ බවත් ඒ සදහා තවත් කාලය අවශ්‍ය බවත් පරණගම මහතා කීවේය.
තම කොමිසමේ කාලය තවත් වසරක් දීර්ඝ කරන්නේ නම් මෙහි විමර්ශන කටයුතු අවසන් කර අතුරුදන් වූවන්ට වූයේ කුමක්ද, කොපමණ පිරිසක් අතුරුදහන් වූයේද යන්න පිළිබද සොයා ගත හැකි බවද පරණගම මහතා කීවේය.