පස්කන්දෙන් ආ මාරයා දරු දෙදෙනා ඩැහැ ගනී


(මොහොමඩ් ආසික් සහ ඩයනා උදයංගනී)

අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් දුනුවිල උතුර වසමේ පිහිටි නිවෙසක් මතට අද (25)පෙරවරුවේ පස්කන්දක් කඩා වැටීමෙන් දෙදෙනකු මියගොස් ඇත.

මෙම අනතුර අද උදෑසන 6.30ට පමණ සිදුව ඇති අතර, ඉන් මියගොස් ඇත්තේ 18 හැවිරිදි තරුණියක් හා 15 හැවිරිදි පිරිමි දරුවෙකි.

මෙම දරුවන් දෙදෙනාගේ මව පියා මෙන්ම නිවෙස තුළ සිටි තවත් අයෙක් තුවාල ලබා ඇති අතර ඔවුන් පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබේ.

පස්කන්දට යටවූ පිරස මුදාගැනීමට ප්‍රදේශවාසින්, අලවතුගොඩ පොලිසියේ නිලධාරින් හා යුදහමුදා නිලධාරින් එක්ව මහත් පරිශ්‍රමයක් දැරූ අතර, මියගිය අයගේ සිරුරු ජම්බුගහපිටිය ප්‍රාශීදේය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.