'අමතලා ආයේ අමතලා' යන ගීතය මේ දිනවල බොහෝ ගුවන් විදුලි නාළිකාවල මෙන්ම පුංචි තිරයේද නිතර දකින්නට සහ ඇසෙන ගීතයක්. මෙහි ගායකයා වන උදය ශ්‍රී හට බෙහෝදෙනා ආදරය කරනු ලබන්නේ ඔහුගේ ඇති ගීතමය අනන්‍යතාව නිසයි. මේ දිනවල ඔහුගේ වැඩකටයුතු පිළිබඳ අපත් සමග මෙසේ පවසා සිටියා.
"පහුගිය දවස් ටිකේ අවුරුදු හින්දා සංගීත ප්‍රසංග සඳහා දායක වුණා. ඊට අමතරව මියුසික් ඇකඩමියේ වැඩකටයුතු කරන අතරේ ඉදිරියේදී එළිදැක්වීමට නියමිතව තිබෙන චිත්‍රපට දෙකක සංගීතය අධ්‍යක්ෂණය කළා. ඒ චිත්‍රපට දෙක බොහෝදුරට මේ අවුරුද්දෙ තිරගත වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා."
මට සංගීත කණ්ඩායමක් ආරම්භ කළ යුතුයි යන සංකල්පය සිතට නැගුණේ ගෘහස්ථ ප්රසංගවලදියි. විවිධ සමාගම්වලින් පත්වන ගෘහස්ථ ප්‍රසංග ප්‍රසංගවලදී සංගීත කණ්ඩායම් එක්ක මම ගීත ගායනා කරන විට ඒ අය මගේ අලුත් ගීතවල නෝට්ස් බලලා නොතිබූ නිසා මට ගීත ගායනා කිරීමට අපහසුතා ඇතිවූ අවස්ථා කිහිපයක් තිබුණා. ඒ අවස්ථාවලදී තමයි මගේ සිතට නැගුණේ මගේම Players ලා එක්ක ප්‍රසංගයකට යන්න තියෙනවා නම් හොඳයි කියලා. ඒ අනුව සංගීත කණ්ඩායමක් ආරම්භ කරන්නට සැලැසුම් කළේ පසුගිය වසරේ අග භාගයේදියි. ඉන්පස්සෙ මම ලංකාවේ Recoding Level එකේ ඉන්න Players ලා ටිකක් එකතු කරගෙන Event දෙක තුනක් කරලා බැලුවා. ඒක සාර්ථක වුණා. උදය ශ්‍රී Full Band එකක් කියලා මේක හඳුන්වන්න පුළුවන්."
ඩිලාන් ක්‍රිෂාන්ත/ඡායාරූප - උදය ශ්‍රී ගේ ෆේස්බුක් ගිණුමෙන්