තිරගත වූ පළමු දිනයේදීම ඉන්දීයාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 36.54ක මුදලක් උපයා ගැනීමට සමත් වූ බව සඳහන් වේ. මෙය සල්මාන් ඛාන් රංගනයෙන් දායක වූ චිත්‍රපටයක් පළමු දිනයේදී උපයාගත් දෙවැනි වැඩිම මුදල් ප්‍රමාණය ලෙස ඉතිහාසයට එක්වේ. කෙසේ වෙතත්, පසුගිය වසරේ සල්මාන් ඛාන් රංගනයෙන් දායක වූ 'ප්‍රේම් රතන් දන් පායෝ' චිත්‍රපටය තිරගත වූ මුල් දිනයේදී ඉන්දීය රුපියල් කෝටි 40.35ක මුදලක් උපයා ගැනීමට සමත් විය.
එහෙත්, විචාරකයන් පවසන්නේ 'සුල්තාන්' චිත්‍රපටය තිරගත වූ ජුලි 06 වැනිදා පමණක් ඉන්දියාවේ පමණක්නොව මුළු ලෝකය පුරාම ප්‍රදර්ශනය වෙමින් ඉන්දීය රුපියල් කෝටි 46ක මුදලක් උපයා ගැනීමට සමත්ව තිබෙන බවය. එය බොලිවුඩයේ එදාමෙදාතුර මංගල ප්‍රදර්ශනයේදීම චිත්‍රපටයක් විසින් උපයාගත් වැඩිම මුදල් ප්‍රමාණය මෙය බවය. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීමට සමත්ව තිබුණේ 2014 වසරේ තිරගත වූ ෂාරුක් ඛාන්ගේ 'හැෆි නිව් ඉයර්' චිත්‍රපටයයි. එය තිරගත වූ පළමු දිනයේදීම ඉන්දීය රුපියල් කෝටි 44ක මුදලක් උපයා ගැනීමට සමත් විය.
පහත දැක්වෙන්නේ සල්මාන් රඟපෑ චිත්‍රපට පළමු දිනයේදී උපයා මුදල් ප්‍රමාණයන්ය.
Films |
Opening Day |
---|---|
40.35 Cr |
|
36.54 Cr |
|
32.92 Cr |
|
27.25 Cr |
|
26.00 Cr |
|
21.10 Cr |
|
21.00 Cr |
|
17.50 Cr |