සිංගප්පූරැවෙ ප්රතිකාර ලබපු වෙදහෙදකම් භාර ඇමැති තුමාගේ සැප දුක බලන්න විශාල පිරිසක් ලංකාවෙන් ගියා... දියවන්නා කවුන්සිලේ වගේම පළාත් සභාවල ලොකු ලොකු පට්ටම් දරන අයත් මේ අතරෙ හිටිය.
ඉතින් මේ ගිය හැමෝම වගේ එක්ක උන්නැහේ සුහදව කතා බහ කරලා ස්තුති කළාලු.
මේ ලෙඩ බලන්න ගිය අය අතරෙ බස්නාහිර සභාවට කඩුවෙල පැත්තෙන් ආපු එක්තරා ලොක්කෙක් හිටිය. උන්නැහේ චීනයට යන ගමන් සිංගප්පූරැවෙ බැහැල ඇමැතිතුමාගෙත් සැප දුක බලල යන්න කල්පනා කළා... ඉතින් ඔන්න ඒ විදිහට සිංගප්පූරැ රෝහලට ගිහින් ඇමැතිවරයා හමුවෙන්න චිට් එකක් ඇරිය. චිට් එක බලපු ඇමතිතුමාගෙ කාර්යමණ්ඩලේ අය ඒක ආපහු පළාත් සභා ලොක්ක අතට එව්වෙ "ඇමැතිතුමා ඔබට හමුවිය නොහැක."කියන සටහනත් එක්කයි.
ඒක දැකපු පළාත් සභා ලොක්ක පරලවෙලා ආපහු ගියේ කරගත්ත මෝඩකමක් කිය කියාලු.