ප්‍රංශ සංචාරක නියෝජිතයෝ පිරිසක් දිවයිනට


(ටී.කේ.ජී.කපිල)

ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සදහා ප්‍රංශයේ සංචාරක නියෝජිතයන් අසූ දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට අද (21) දින උදෑසන  පැමිණියහ.

මෙම පිරිස මහනුවර, බෙන්තොට සහ කොළඹ යන ප්‍රදේශ වල සංචාරය කරමින් සහ මෙම ප්‍රදේශ වල තිබෙන හෝටල් පද්ධතිය නිරීක්ෂණය කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට ප්‍රංශයේ සිට සංචාරකයන් කැදවා ගෙන ඒමට නියමිතය .

මෙම සංචාරක නියෝජිතයන් පිරිස ප්‍රංශයේ සිට ෆ්‍රෑන්ක්පර්ට් නුවරට ගොස් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 501 දරන ගුවන් යානය මඟින් කටුනායක ගුවන්තොටුපළ වෙත උදෑසන 07.25ට පැමිණ තිබුණි .

මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ , සංචාරක හෝටල් වල නියෝජිත පිරිසක් , සංචාරකයන් ප්‍රවාහනය කරන බස් රථ සේවා සමාගම් වල නියෝජිත පිරිසක් සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .