ප්‍රියංකා ලොව බලවත් 100 දෙනා අතරට


ටයිම්ස් සඟරාව විසින් වාර්ෂිකව සිදුකරන සමීක්ෂණයට අනුව ලෝකයේ බලවත්ම පුද්ගලයන් 100 දෙනා අතරට  ප්‍රියංකා චොප්රා පැමිණ ඇති බව සඳහන් වෙනවා. මෙය ඇය ජීවිතයේ ලැබූ වටිනා ජයග‍්‍රහනයක් වනවා මෙන්ම ඉන්දියාවට ඇය ඉමහත් කීර්ති නාමයක් එක්කල අවස්ථාවක් ලෙස ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනු ලබයි.

2000 වසරේ ලෝක රූ රැජිණ වීමෙන් පසුව බොලිවුඩ් සිනමාවට පැමිණි ඇය බොලිවුඩ් සිනමාව තුළ ඉතා සාර්ථකත්වට පත් රංගන ශිල්පිනියක් ලෙස ඔවුන් හඳන්වනු ලබනවා. ඊට අමතරව චිත‍්‍රපටයක් සදහා වැඩිම මුදලක් අයකරන නිළියන් කිහිප දෙනා අතරින් කෙනෙක් වන පි‍්‍රයංකා බොලිවුඩ් සිනමාවෙන් නොනැවතී හොලිවුඩයටද ආක්‍රමණය කළ අතර, අද වනවිට යුරෝපයේ පැවැත්වෙන සියලුම සම්මාන උළෙලවල් වල නිත්‍ය ආරාධිතයෙක් බවට පත්වීමට තරම් පි‍්‍රයංකා හට අවස්ථාව උදා වී ඇති බව සඳහන් වෙයි.

ටයිම්ස් සඟරාව විසින් මෙම බලවත්ම පුද්ගලයන් 100 දෙනා නිවේදනය කිරීමේ උත්සවය පසුගියදා නිව්යෝර්ක් නුවරදී පැවැත්වනු ලැබීය.