හොලිවුඩ් සිනමාවේ ජනප්‍රියතම විදෙස් නිළිය බවට වර්තමානයේ පත්ව සිටින ප්‍රියංකා චොප්රා පසුගියදා ස්පාඤ්ඤයේ "රියල් මැඩ්රිඩ්" නගරයේ පැවැති "අයිෆා" සිනමා සම්මාන උලෙළේදී බොලිවුඩයේ හොඳම මිතුරන් බවට පසුගිය කාලයේ පත්ව සිටි දීපිකා පදුකෝන් හා ප්‍රියංකා චොප්රා දෙදෙනා නොදන්නා පුද්ගලයන් මෙන් හැසිරුණු බව සඳහන් වෙනවා. "ලයිෆ් ඔෆ් බොලිවුඩ්" වෙබි අඩවිය සඳහන් කරන්නේ වෙනදා මෙන්ම දීපිකා හා ප්‍රියංකා දෙදෙනා අතර සුහදත්වයක් දකින්නට නොලැබුණ බවත්, ඔවුන් මෙම සිනමා උලෙළේදී අවසන් අංගයේදී වෙන වෙනම අසුන් ගෙන සිටි බවත් වාර්තා වෙනවා.
කෙසේ වෙතත්, මෙම "අයිෆා" උලෙළේදී ප්‍රියංකා, සොනක්ෂි සින්හා සමගින්ද දිපීකා, අනුෂ්කා ෂර්මා සමගින්ද මිතුරන් ලෙස කටයුතු කරමින් සිටිනු දක්නට ලැබුණු බව වෙබ් අඩවිය වාර්තා කරනවා. මෙම වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ දීපිකා හා ප්‍රියංකා දෙදෙනා මෙසේ විරසක වී ඇත්තේ දෙදෙනාම මේ වනවිට හොලිවුඩ් සිනමාවට සම්බන්ධ වී කටයුතු කිරීම නිසා බව සඳහන් වෙනවා. ඔවුන් දෙදෙනා පසුගිය කාලයේදී සම්බන්ධ වී සිටි "ට්‍රිබල් එක්ස්" (දීපිකා පදුකෝන්) හා "බේවොච්" (ප්‍රියංකා චොප්රා) චිත්‍රපටවල සියලු වැඩ කටයුතු මේ වනවිට නිමාවී අවසන්.