පාගමන රෑ 9ට කිරිබත්ගොඩට


ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාවේ සිව්වැනි දිනය නිමාකරමින් අද (31) නිට්ටඹුවේ සිට පැමිණි පෙළපාළිකරුවෝ රාත්‍රී 9 පමණ වන විට කිරිබත්ගොඩ නගරයට ළඟා වූහ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද කොළඹ නුවර පාරේ ට්‍රැක්මෝ හංදියෙන් පාගමනට එකතු වූ අතර කිරිබත්ගොඩ දක්වා පිරිස සමග පැමිණියේය.

සඳුදා (1) පාද යාත්‍රාවේ අවසන් දිනය වන අතර කිරිබත්ගොඩ නගරයෙන් පෙරවරු 9ට ආරම්භ කිරීමට නියමිත අතර එය කොළඹට ළඟාවීමෙන් පසු හයිඩ් පිටියේ රැලියක් පැවැත්වීමටද යයි.

IMG_2878 IMG_2882 IMG_2889

ඡායාරූප - කෞශල්‍ය සමින්ද