පාටකරන අලුත්ම විදිය


මේ තමයි මැටි මුට්ටි පාට කරන අලුත්ම විදිය. ජපන් ජාතික හේඩි යැං තමයි තමන්ගෙ මැටි මුට්ටි මේ විදියට පාට කරන්නෙ. ඒ තමයි පාට බුබුළුවලින් හැඩ කෙරන අලුත්ම විදිය. එහෙම කිව්වම ඔබට හිතේවි මේ මැටි මුට්ටි බුබුළු පිටින් විකුණනවා කියලත්. ඒ ගැන දැනගන්න මේ ඩෝන්ට් මිස් වීඩියෝව බලන්නම වෙනවා. එය කොතරම් අලංකාරද කියල එතකොට ඔබේ ඇහෙන්ම දැකගන්න පුළුවන්. සබන් පෙනයි, පාටයි එකතු කරලා කරන මේ වැඩේ දකින්න අපූරුයි.

 

රචින්ත ජයවර්ධන