පාරේ වැටි සිටි කත රෝහලට ගෙන යද්දී මැරිලා


(තුසිත කුමාර ද සිල්වා)

අලුත්ගම මොරගල්ල ගාලු පාරේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ක්‍රීඩාපිටිය ඉදිරිපිට අද (23) අලුයම හිසේතුවාල සහිතව  මහා මාර්ගය අයිනේවැටී සිටි කාන්තාවක් සූවසැරිය  ගිලන් රථයෙන් බේරුවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව  මියගොස් ඇතැයි අලුත්ගම පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇති කාන්තාව පිළිබඳ මෙතෙක් අනන්‍යතාවය තහවුරු වී නොමැති අතර වයස අවුරුදු හතළිහක් පනහක් හතර  පෙනුමක් ඇතැයි පොලිසිය කියයි.

මෙම සිරුර හඳුනා ගැනීමට මහජන සහාය පතන බවද අලුත්ගම පොලිසිය කිය.

මෙම කාන්තාව කිසියම් රථ අනතුරකට භාජනය වී ඇද්දයන්න ප්‍රදේශයේ ආරක්ෂක කැමරා දර්ශන  මගින්  වැඩිදුර විමර්ශන සිදු කරන බව  අලුත්ගම රථවාහන පොලිසියෙ නිලධාරියකු පැවසීය.