පාස්කු දා මියගිය සිය ආදරනීයයන් සිහි වී


(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන හා තරු හෝටල් ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප‍්‍රහාර වළක්වා ගැනීමට ක‍්‍රියා නොකිරීම තුළින් මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්, කතෝලික පියතුමන්ලා සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශවකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ලබා දීමට සියලු කටයුතු සූදානම් බව අප වාර්තාකරුවෝ පවසති.

එම තීන්දුව දැක බලා ගැනීමට කතෝලික පූජක තුමන්ලා, පස්කු ප්‍රහාරයෙන් හානියට පත් පවුල්වල සාමාජිකයන් මේ වන විට අධිකරණ භූමියට පැමිණෙමින් සිටිති. 

(ඡායාරූප: ළහිරු හර්ෂණ)