පාළුකඩවල වැවට එන අලින්ට නරඹන්නන්ගෙන් කරදර


(ඇන් ජේ පතිරාජ)

ගල්ගමුව ,පාළුකඩවල වැවට එන අලි ඇතුන්  නැරැඹීමට එන අය තමන්ගේ යාන වාහන සතුන් අසළමට පැදවීම නිසා සතුන්ට හිංසනයන් මෙන්ම ජීවිත තර්ජනයක් ද පවතින බව ප්‍රදේශවාසිහු කියති.

අලි ඇතුන් 100ක් පමණ පාළුකඩවල වැවට දිය බීමට සවස පහ - හය පමණ විට  පැමිණෙන බව ජනතාව කියති .

අලි ඇතුන් වැව් දියට බැසිමෙන් පසු නරඹන්නන් සිය යාන වාහන රැගෙන වැව්පිටියට යන බවත් , ඇතැම් පිරිස් වැවෙන් ගොඩට පැමිණ කැලයට යන ඒ සතුන්ගේ මඟ අහුරන බවත් ,ඇතැමුන් සිය රථ සතුන් අසළට ම රැගෙන ගොස් සතුන්ට හිරිහැර වන පරිදි හැසිරෙන බව ජනතාව කියති.

අලි ඇතුන්ගේ ඡායාරූප ගැනීමට පැමිණෙන ඇතැම් කැමරාකරුවන්ගෙන් ද මේ හිරිහැර සිඳුවෙන බව ජනතාව කියති.

අලි ඇතුන් අසළට  යාම ජීවිත අවදානමක් ඇති කරුණක් බවත් ,සතුන් ප්‍රචණ්ඩ වීමටත් හේතුවක් බවත් ජනතාව පවසන අතර එය සතුන්ට හිංසනයක් බවත් පවසති.