පැණි කොමඩු ගෙඩියෙන් මැවෙන රාත්‍රියේ රජවරු


ගේම් ඔෆ් ත්‍රෝන්ස් මාලා නාටකය ලෝකයේ වාගේම ලංකාව තුළත් අති ජනප්‍රියයි. ගේම් ඔෆ් ත්‍රෝන්ස් අවසන් ලෙස නිකුත් වුණු 6 වැනි මාලාව සමග බොහෝ දෙනෙකු කතා කළ චරිත අතරේ නයිට්ස් කිංග් ගැන කතාබහ සිදුවූ අතර, ඉතාලි ජාතික වැලරියානෝ ෆටිකා සිය ප්‍රකට පලතුරු කැපුම් ඇසුරේ මේ නිර්මාණය කරන්නේ ඒ මුහුණු දැයි හැඟේ. ඔබ මෙය ගේම් ඔෆ් ත්‍රෝන්ස් මානසිකත්වයෙන් බැලුවත් නොබැලුවත් මෙයට ආසක්ත වන්නේ මෙම කලා නිර්මාණයේ විශිෂ්ටත්වය නිසාවෙනි.

 

රචින්ත ජයවර්ධන