පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා


(අංජුල මහික වීරරත්න)

කොරෝනා රෝ බිය වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයම 2023 නව වසර පිළිගැනීම සඳහා මධ්‍යම රාත්‍රියේ විනෝද සැණකෙළි වලට සහභාගී වන අයුරු දැකගත හැකි විය.

මධ්‍යම රාත්‍රිය වන විට කොළඹ නගරය රථ වාහනවලින් පිරී පැවතිණි.

කොළඹ ගාලු මුවදොර පිටිය මෙන්ම නෙළුම් කුළුණ ආශ්‍රිතව අලංකාර මල් වෙඩි මල්වෙඩි සංදර්ශන දැකගත හැකි විය.

උදාවන 2023 වසර කප් සුවහස් පැතුම් ප්‍රාර්ථනා ඉටුවන සිත් සතන් සොම්නසින් පුරවාලන සියලු යස ඉසුරෙන් පිරුණ වර්ණවත් අනාගතයකට මග කියන සුබම සුබ නව වසරක් වේවායි ලංකාදීපයේ නව වසරේ ප්‍රාර්ථනය වේ.

(ශාන්ත රත්නායක)

ළහිරු හර්ෂණ